අරන්තලාව භික්ෂු ඝාතනයට අදට, වසර තිහක් පිරේ
අරන්තලාව භික්ෂු ඝාතනයට අදට(02) වසර විසිදෙකක් සපිරේ. මීට අවුරු විසිදෙකකට පෙර එනම් 1987 වසරේ ජුනි 02වනදා අප දේශයට ආදරය කළ සියලු දෙනා කම්පාවට පත් කළ බිහිසුණු මෙන්ම ම්ලේච්ඡ සිදුවීමක් ලෙස අරන්තලාව භික්ෂු සංහාරය එකතු වේ. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ සිට වැඩමකරමින් සිට පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන් සහ සාමණේරයන් වහන්සේලා 30නමකි.
ත්‍රස්තවාදී නායකයා ඇතුළු කොටි කණ්ඩායමක් අරන්තලාව අසල දී මාර්ගයක් හරස් කොට භික්ෂූන් සහිත බස්රථය අසල තිබෙන තේකක් කැලෑවකට ගෙන යනු ලැබීය. ඉන්පසු මුදල් කොල්ල කා ගත් ත්රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ.
“මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් කිසිදු සිත්පිත් නැති ත්රස්තවාදීන් ඒ හඩට සවස් යොමු කළේ නැත.
ඝාතනයට ලක් වූ සාමණේර හිමිවරු -
- පරගහකැලේ විජිතනන්ද හිමි
- දම්බරාවේ මහින්ද හිමි
- කෝමාරියේ විමලජෝති හිමි
- කෙසෙල්පොත සුගතපාල හිමි
- කලුගල ආනන්දසාගර හිමි
- වාවින්නේ සද්ධාතිස්ස හිමි
- මහියංගණයේ ගුණසෝම හිමි
- ගල්මුවේ උපරතන හිමි
- වාවින්නේ ගුණවංශ හිමි
- වාවින්නේ අත්ථදස්සී හිමි
- වාවින්නේ විජිත හිමි
- වාවින්නේ සද්ධාවංශ හිමි
- මහියංගණයේ වජිරබුද්ධි හිමි
- මහියංගණයේ සුමන හිමි
- රජගලතැන්නේ පුණ්ණජි හිමි
- මහියංගණයේ ආනන්ද හිමි
- අඹගහවැලේ සරණ හිමි
- කොටවෙහෙර විමලබුද්ධි හිමි
- කුරුණෑගල පඤ්ඤානන්ද හිමි
- හඳුන්ගමුවේ අරියවංස හිමි
- හඳුන්ගමුවේ බුද්ධරක්ඛිත හිමි
- කුරුපනාවල කෝලිත හිමි
- මන්ත්‍රීතැන්නේ ධම්මසිද්ධි හිමි
- කුරුපනාවල ධම්මපාල හිමි
- තෙරිපැහැ සෝභිත හිමි
- රාගල ආනන්ද හිමි
- දේවාලහිඳ ධම්මරක්ඛිත හිමි
- දේවාලහිඳ අනෝමදස්සි හිමි
- කලුගල පාලිත හිමි
- මාපාකඩ විපුලසාර හිමි.
No comments:
Post a Comment